Friday, November 29, 2024

General line - 0115112241

මිල්කෝ කිරිපිටි මිලදීගන්න මිලියන 200ක් ලබා දෙන්න කැබිනට් අනුමැතිය




රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට ඇති කිරිපිටි මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මිල්කෝ ආයතනය මින් පෙර පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පැවතිය ද මේ වනවිට එය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමට හැකි වී ඇති බවයි.

දෛනික කිරි එකතු කිරීම ලීටර් 50,000 සිට ලක්ෂ දෙක දක්වා වැඩි වී ඇති බවත් අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

මිල්කෝ ආයතනයේ දෛනික නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර හයිලන්ඩ් කිරි පිටි මෙටි්‍රක් ටොන් ලක්ෂ දෙකක් එම සමාගම සතුව පවතිනවා.

මේ හේතුවෙන් සතොස මගින් හයිලන්ඩ් කිරි පිටි අලෙවි කිරීමේ අරමුණ ඇතිව රජය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.