Wednesday, September 18, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට දැනුම්දීමක්




ලබන ඉරිදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.  

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. 

මේ අතර, මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.