Wednesday, September 18, 2024

General line - 0115112241

අනුරගේ පිරිසකට බුත්තලදී ප්‍රහාරයක්

ජයන්ත වීරසේකර




ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවති රැළියට සහභාගී වී යළි යමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදීයි. මග රැකසිටි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනෙකු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.