Wednesday, September 18, 2024

General line - 0115112241

ඉදිරි වසර 10 තුළ ආසියාවේ සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව - නාමල් කියයි




ඉදිරි වසර 10 තුළ ආසියාවේ සංවර්ධිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අගලවත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

භේදයකින් තොරව සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සිය පළමු වැඩපිළිවෙළ යටතේ පාසල් පද්ධතිය නවීකරණයකට ලක් කරන බවයි අම්පාර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

සිය රජයක් යටතේ ජනතාවට ලබා දෙන සහනවලට ඇතැම් පිරිස් විරුද්ධ බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

තමන් ආරම්භ කළ වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිලිවෙළක් සකස් කර ඇති බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.