Friday, November 29, 2024

General line - 0115112241

ලබන මස සිට පොදු ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවතට

නිහාල්සිරි ගම්ලත




වාහන ආනයන සීමා අදියර කිහිපයක් යටතේ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස පළමුවනදා සිට පොදු මගී ප්‍රවාහනය සඳහා වන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. 

නිසි අධ්‍යයනයකින් අනතුරුව වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තීරණයට එළැඹි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.