Friday, November 29, 2024

General line - 0115112241

ජනපති අපේක්‍ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




හෙට දිනයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කටයුතු නොකරන්නැයි සියලු ජනාධිපති අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පෙරවරුවේ සිට මධ්‍යහ්න 12යි 15 දක්වා විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.