Friday, November 29, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පවත්වන්න අධ්‍යාපන ඇමති ජනපති අපේක්ෂකයන්ගෙන් සහාය ඉල්ලයි




2024 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී අයදුම්කරුවන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතයි.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන හතකදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා සිසුන් සඳහා එම රෝහලේ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිතයි.

විභාගය පෙරවරු 09.30ට ආරම්භ කළ ද සිසුන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් උපදෙස් කිහිපයක් ද ලබා දුන්නා.

මේ අතර බාධාවකින් තොරව සිසුන්ට විභාගයට මුහුණදීම සදහා සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගේ සහ පක්ෂවල සහාය අපේක්‍ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව විභාගය පැවැත්වෙන කාලසීමාවේ ඒ අවට ප්‍රදේශවල සිසුන්ට බාධාවන කිසිදු මැතිවරණ ව්‍යාපාරයක නිරත නොවන ලෙසයි අධ්‍යාපන අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ.