Friday, November 29, 2024

General line - 0115112241

ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා ගැන හෙළි කරන පුද්ගලයින්ට වැඩ වරදී




තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීමද නීති විරෝධී බවයි.

එලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව පසුගිය කාලයේදී ද පියවර ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.