Friday, November 29, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉගියක්




ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02 වෙනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බවයි.

කෙසේවෙතත් තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පළමු පාසල් වාරයේ, පළමු දිනය ජනවාරි මස 20 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ වනවිට නිල ඇඳුම් සහ පෙළපොත් ආදී සියල්ල සූදානම් බවට සහතිකයක් ලබා දිය හැකි බවයි.

අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වෙනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ද තවත් සති දෙකකින් පමණ නිකුක් කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ.