Thursday, September 19, 2024

General line - 0115112241

රුසියාව සහ යුක්‍රේනය යුධ සිරකරුවන් හුවමාරු කර ගනී




එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීමත් සමඟ රුසියාව සහ යුක්‍රේනය එක් එක් පාර්ශවයෙන් යුද සිරකරුවන් 103 දෙනෙකු හුවමාරු කර ගෙන තිබෙනවා.

මේ බව රුසියානු සහ යුක්‍රේන රජයන් මඟින් නිල වශයෙන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නිදහස් කරන ලද යුක්‍රේනියානුවන් අතරට සැරයන්වරුන් 82ක්, යුක්‍රේනයේ සන්නද්ධ හමුදා නිලධාරීන් 21ක්, යුක්‍රේනයේ ජාතික ආරක්ෂක බලකාය, දේශසීමා ආරක්ෂකයින් සහ පොලිස් නිලධාරීන් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට රුසියානු යුද හමුදා නිලධාරීන්ට අවශ්‍ය මානසික සහ වෛද්‍ය ආධාර මෙන්ම ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ කර ගැනීමටද අවස්ථාවන් ලබා දී ඇති බවයි. 

පසුගිය අගෝස්තු මාසයේදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් දෙරටේ යුද හමුදා නිලධාරීන් 115 බැගින් හුවමාරු කර ගෙන තිබෙනවා.  

මෙලෙස වරින් වර දෙරට අතර යුද සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් මේ වනවිට යුද සිරකරුවන් 1,994ක් හුවමාරු කර ගෙන ඇති බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.