Friday, November 29, 2024

General line - 0115112241

පෙර පාසල් ගුරුවරුන්ට සජිත්ගෙන් බලාපොරොත්තුවක්




තම රජයක් යටතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පැවසුවේ තමන් බලයට පත් වූ විගසම අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නැගීම වෙනුවෙන් ස්ථිර සහ කාලීන තීන්දු රැසක් ගැනීමට නියමිත බවයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. 

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සඳහා දෙවන මනාපයක් අවශ්‍ය නොවන බවයි එම රැළියට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ.