Thursday, November 28, 2024

General line - 0115112241

පොලිස් සහ STF නිල ඇඳුම් කොටස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට




විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ නිළ ඇදුම් කොටස් සන්තකව තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවිනුවර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙනේගෙදර, කපුගම ප්‍රදේශයේ පදිංචි වයද අවුරුදු 25ක පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසියට අයත් නිල ඇදුම් නීත්‍යානුකූල අවසරයකින් තොරව තම සන්තකයේ තබාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

විශේෂ කාර්ය බලකාය සැක පළ කරන්නේ සැකකරු කිසියම් අපරධයක් කිරීමට සූදානමින් සිට ඇති බවයි.