Thursday, November 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්




ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත්, ඉදිරි මැතිවරණයේදී   ශ්‍රී ලංකාවේ ජනතාව එය තීරණය කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය සඳහන් කළා.

ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඒ මහත්මිය පැවසුවා.