Thursday, November 28, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලිවල අඩුවක්




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාව තමන් වෙත නොලැබුණත් ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ තමන්ගේ අන්‍යනතාව තහවුරු කර, ඕනෑම පුද්ගලයෙකුට ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවයි.

පසුගිය ජනාධිපතිවරණයට සාපෙක්ෂව මෙවර ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.