Thursday, November 28, 2024

General line - 0115112241

ජීවන බර සැහැල්ලු කරන කාලය ජනපති කියයි




සිය පළමු පරමාර්ථය ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීම බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලබන වසර අවසන් වීමට පෙර එහි ප්‍රතිඵල දැකිය හැකි බවයි හොරණ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් පවතින ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

ආර්ථිකය ගොඩනැගීමට දේශපාලඥයින්ට නිසි වැඩපිළිවෙලක් නොමැති බවද නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

සියලු ජනතාවගේ ගැටළු විසඳන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්. 

සමෘද්ධිලාභින්ගේ අනාගතය ශක්තිමත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මහියංගනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.