Thursday, September 19, 2024

General line - 0115112241

කෝටි දෙකක කේරළ ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට




පලෙයි, සෝරම්පත්තු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ වැටලීමකදී කේරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත කට්ටකාඩු ප්‍රදේශයේදී ධාවනය වූ මෝටර් රථයක් නතර කරන ලෙසට එහි රියදුරුට අණ කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එහෙත් එම මෝටර් රථය අණ නොතකා පලාගොස් තිබෙනවා. වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරින් සහ පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරින් එම මෝටර් රථය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

ඒ, කාන්තාවකගේ නිවසේ නවතා තිබියදීයි.

එම මෝටර් රථය තුළ තිබී රුපියල් කෝටි දෙකකට ආසන්න කේරල ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

මෝටර් රථය පැදවූ පුද්ගලයා පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.