Thursday, September 19, 2024

General line - 0115112241

ආර්ථිකයට පණ දෙන්න අනුරගේ පළමු වෑයම




සංචාරක කර්මාන්තය උපයෝගී කර ගනිමින් මෙරට ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.    

ඒ අනුව ලක්ෂ 30ක සංචාරකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට අමෙරිකානු ඩොලර් බිලියන 8ක ආර්ථිකයකට ඉඩ සැලසෙන බවයි නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේවෙතත් රට තුළ පළමුව ඇති කර යුත්තේ අපනයන ආර්ථිකයක් බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සහනාධාර ලබාදීමෙන් පමණක් ජනතාව නගා සිටුවීමට නොහැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ, හොරණ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්. 

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී විශේෂ සංවර්ධන වැඩසටහනක් අරඹන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

අතරමඟ නතර කර ඇති සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති යළි අරඹන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.