Thursday, September 19, 2024

General line - 0115112241

දූරියන් චීනයට යවන්න ජනපති රනිල් සැරසෙයි




තමන් ජනපති ධූරයේ රාජකාරි ආරම්භ කළ සැනින් ආණ්ඩුව විසින් දේශපාලන වාසි තකා ඇතමුන්ට ලබා දී ඇති වරප්‍රසාද ඉවත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

කන්තලේ ප්‍රදේශය නවීන කෘෂිකර්ම ප්‍රදේශයක් බවට පත් කිරීමටත්  ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමටත් පියවර ගන්නා බව ස්වාධීන ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

කන්තලේ ප්‍රදේශය ආශ්‍රිත වැඩපිළිවෙල ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ, සේරුවිල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්. 

සංචාරක කර්මාන්තයට අවශ්‍ය සහල් හැර සහල් ඇටයක් හෝ ආනයනය නොකිරීමට නොහැකි වන පරිදි මෙරට කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය තරුණ ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.