Thursday, September 19, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ කාටද?




ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි එකම නායකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

ඒ පිළිබඳ ජනතාවට ද වැටහී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද මේ වනවිට නිහඩ වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ.