Thursday, September 19, 2024

General line - 0115112241

වෙල්ලාලගේට සහ හර්ෂිතාට අයි.සී.සී යෙන් තැනක්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වා නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, ඇනජලෝ මැතීව්ස්, කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 16ක් ඇතුළත්. දෙරට අතර ටෙස්ට් තරග දෙකම පැවැත්වීමට නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

පළමු තරගය ලබන 18 වනදාත් දෙවන තරගය ලබන 26 වනදාත් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අගොස්තු මාසයේ ක්‍රීඩකයා ලෙස යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ එම මාසයේ ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම ද නම් කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.