Thursday, September 19, 2024

General line - 0115112241

විදෙස් නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද පෙරවරුවේ




ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව සෙසු පාර්ශව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සියලු සාකච්ඡා මේ වනවිට අවසන් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.