Thursday, September 19, 2024

General line - 0115112241

මසක් තුළ නීති විරෝධී ඡන්ද පෝස්ටර් හය ලක්ෂ 27,000ක් පොලිසියෙන් ගලවයි




ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති ධූර අපේක්ෂකයන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් හය ලක්ෂ 27,300ක් මේ වනවිට ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම තවත් පෝස්ටර් දෙලක්ෂ 7,900ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

ඊට අමතරව බැනර් 1,500ක් ඉවත් කර ඇති අතර තවත් බැනර් 1,100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් ඉවත් කර ඇති කටවුට් සංඛ්‍යාව 1,550ක්. තවත් කටවුට් 1,600ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

එමෙන්ම දැන්වීම් හා පත්‍රිකා 7,600ක් පොලිසිය විසින් ඉවත් කර ඇති බවත් තවත් දැන්වීම් හා පත්‍රිකා 10,750ක් සිය භාරයට ගත් බවත් පොලිසිය පවසනවා.

පසුගිය අගෝස්තු 17 වනදා සිට ඊයේ දිනය දක්වා වූ මාසයක කාලයක තුළ එම කටයුතු සිදුකල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.