Thursday, September 19, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින් පිටව ඇතැයි චෝදනා.




පසුගිය ඉරිදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇතැයි ගුරුවරුන් සහ මව්පියන් චෝදනා කරනවා.

එම ප්‍රශ්න පත්‍රවල අඩංගු ඇතැම් ප්‍රශ්න එලෙසමත්, තවත් ප්‍රශ්න ඒ හා සමානවත් පසුගිය 14 වනදා රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වී ඇති බවයි ගුරුවරයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


නාරම්මල ප්‍රදේශයේ පාසලකදී, අලව්ව සහ වරකාපොළ ප්‍රදේශයේ උපකාර පන්ති සඳහා සහභාගී වූ ඇතැම් සිසුන්ට විභාගයට පෙර දිනයක මෙම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බවයි එම ගුරුවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කරුණු විමසීමට නෙත් නිවුස් අවස්ථා කිහිපයකදී උත්සාහ කළා.

ඒ අනුව, නෙත් නිවුස් අවස්ථා කිහිපයකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එම කිසිදු අවස්ථාවකදී ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.