Thursday, September 19, 2024

General line - 0115112241

ආනයන සිමා ඉවත් කිරීම ගැන වාහන ආනායනකරුවන්ගේ සංගමයෙන් ප්‍රතිචාරයක්




වාහන ආනයනය කිරීම හරහා මෙරට වෙළඳපොළේ දැනට පවතින වාහන මිල ගණන් පහළ යනු ඇති බව වාහන ආනායනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ නිසි ප්‍රතිපත්තියක් සකස් කළේ නම් මීට පෙර සිටම මෙරටට වාහන ආනයනය කිරීමට හැකියාවක් තිබූ බවයි.

වාහන ආනයන සීමා ඉවත් කිරීමට රජය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.