Thursday, September 19, 2024

General line - 0115112241

ජයගත් වහාම ජනතාවට ක්ෂණික සහන රැසක් දෙන බව අනුර කියයි




ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට ඉදිරිව ඇත්තේ තවත පැය 48කටත් වඩා අඩු කාලයක්.

මේ වනවිට ජනාධිපති ධූර අපේක්ෂකයින් සිය ප්‍රචාරක වැඩසටහන් උපරිම මට්ටමින් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයින් අද සහ හෙට ප්‍රදේශ ගණනාවක ජන රැළි ඇමතීමට නියමිතයි.

මේ අතර බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කෙටි කලක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ රට ශ්‍රී ලංකාව බව අද වනවිට සියලු දෙනා පිළිගන්නා බවයි. 


හෙට්ටිපොළ නගරයේ පැවැති ජන රැළියක් අමතමින් සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සිය පාලනයක් යටතේ කෙටි කලක් තුළ දුප්පත් භාවයෙන් පෙලෙන ජනතාව ඉන් මුදවා ගන්නා බවයි.


මේ අතර ජනාධිපතිවරණය ජයගත් වහාම ජනතාවට ක්ෂණික සහන ගණනාවක් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.


සිය පාලනයක් යටතේ කොළඹ නගරය ආසියාවේ දියුණුතම නගරය බවට පරිවර්තනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.