Thursday, September 19, 2024

General line - 0115112241

වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක් චීනෙට 




වසර 75කට පසු දරුණු සුළි කුණාටුවක බලපෑම් චීනයේ ෂැංහයි නුවරට එල්ල වී තිබෙනවා.

චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි කුණාටුවයි.

බෙබින්කා සුළි කුණාටුව 1949 සිට ෂැංහයි නගරයට බලපෑ බලවත්ම සුළි කුණාටුව වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වේලාවෙන් උදෑසන 7:30 ට ෂැංහයි හි නැගෙනහිර ලින්ගං වෙරළබඩ ප්‍රදේශයෙන් එය ඇතුළු වී ඇති බවටි එරට මාධ්‍ය පවසන්නේ.

මේ වන විට ෂැංහයි හි පදිංචිකරුවන් ලක්ෂ 4කට වැඩි පිරිසක් ආරක්ෂි්ත ස්ථාන වෙත ඉවත් කර ඇති අතර නගරයේ ප්‍රධාන ගුවන් තොටුපල දෙකේ සියලුම ගුවන් ගමන් ද නවතා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

පැයට කිලෝමීටර 151 දක්වා සුළගේ වේගය ඉහළ ගොස් ඇති අතර රතු අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

ෂැංහයි හි දුම්රිය සේවා ද අවලංගු කර ඇති අතර  නාගරික අධිවේගී මාර්ගවල සහ අධිවේගී මාර්ගවල වේග සීමාවන් පැයට කිලෝමීටර 40 දක්වා වේග සිමා පනවා තිබෙනවා.

මිලියන 25 ක පදිංචිකරුවන්ට කුණාටුව පැමිණීමට පෙර නිවසේ රැඳී සිටින ලෙසයි උපදෙස් දී තිබෙන්නේ.

2,500 කට අධික ගලවා ගැනීමේ කණ්ඩායම්, සහ , හදිසි ප්‍රතිචාර සඳහා 56000ක කණ්ඩායමක්  සූදානම්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ