Thursday, September 19, 2024

General line - 0115112241

හිස්බුල්ලා ඉලක්ක කර ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්




ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කර අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙහිදී ප්‍රහාරකයින්, ප්‍රහාරය සඳහා උපයෝගී කර ගෙන ඇත්තේ හිස්බුල්ලා සාමාජිකයින් විසින්ම පණිවිඩ හුවමාරු කර ගැනීමට භාවිතා කරන, අතේ රැගෙන යා හැකි “පේජර්” නමැති යන්ත්‍රයි. 

එම යන්ත්‍ර එක්වරම පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 2,800ක් තුවාල ලබා ඇතැයි සඳහන්. 

හිස්බුල්ලා සාමාජිකයින්ටම සීමා වූ මෙවැනි සන්නිවේදන උපකරණයක් එකවරම පුපුරවා හැරීම අතිශය සංකීර්ණ බවත් ඒ සඳහා නවීන තාක්ෂණයක් අවශ්‍ය බවටත් විදෙස් විචාරකයින් මත පළ කරනවා.