Thursday, September 19, 2024

General line - 0115112241

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදාවේ සහය




ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් මත්ස්‍යයෙකු සපාකෑමෙන් තුවාල ලැබූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාවේ සහය ලබා දී තිබෙනවා.

ඒ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්.

තුවාල ලැබූ ධීවරයා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවුසවේ.

වෙන්නප්පුව ධීවර වරායෙන් පසුගිය ජූලි මස 17 වන දින ධීවරයින් 07 දෙනෙකු සමග අදාළ ධීවරයා මුහුදු කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණා.