පකිස්තානයේ පෙෂාවර් හි 'සෙරීනා හෝටලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක්' උපුටා දක්වමින් පාකිස්තානයේ එක්සත් ජනපද දූත මණ්ඩලය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් 16 වනදා දක්වා හෝටලයේ ගැවසීමෙන් වළකින ලෙස පකිස්තානයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දූත මණ්ඩල සාමාජිකයින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා.
අනෙකුත් පූර්වාරක්ෂාවන් අතර ප්‍රදේශයෙන් වැළකී සිටීම, ප්‍රවේශම් වීම, ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂක සැලසුම් සමාලෝචනය කිරීම, ප්‍රාදේශීය මාධ්‍ය යාවත්කාලීන හරහා දැනුවත්ව සිටීම, හඳුනාගැනීම් රැගෙන යාම සහ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි මාර්ගෝපදේශ පිළිපදින ලෙස තානාපති කාර්යාලය පකිස්තානයේ සිටින ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
"පකිස්ථානයේ එක්සත් ජනපද දූත මණ්ඩලයට ලැබුණු ආරක්ෂක තොරතුරු මත පදනම්ව, එක්සත් ජනපද දූත මණ්ඩල සාමාජිකයින්ට මෙතැන් සිට දෙසැම්බර් 16 දක්වා කාලය තුළ පකිස්ථානයේ පෙෂාවර්, පෙෂාවර් ගොල්ෆ් ක්ලබ්, පෙෂාවර්, කයිබර් පාරේ පිහිටි සෙරීනා හෝටල් පෙෂාවර් මඟහරින ලෙස උපදෙස් ලබා දී ඇත." යනුවෙන් පකිස්තානයේ අමෙරිකානු තානාපති කාර් යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.