Thursday, September 19, 2024

General line - 0115112241

නිහඬ කාලයට පෙර ජනපති අපේක්‍ෂකයින්ගෙන් පොරොන්දු මල්ලක්




අපහසුම කර්තව්‍ය උදා වන්නේ මැතිවරණ ජයග්‍රණයෙන් පසුව බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පැවසුවේ 21 වනදායින් පසු උදා වන්නේ රටේ පොදු ජනතාවගේ යුගය බවයි. 

21 වනදායින් පසු ජනතාවට සහන රැසක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තම ආණ්ඩුව කෙරෙහි ජනතාව තබන බලාපොරොත්තු කිසිලෙසකත් බිඳ නොහෙළන බවයි. 

අපනයන ආර්ථිකයක් ගොඩනැගීම තම අරමුණ බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පැවසුවේ පවතින ක්‍රියාදාමය අඛණ්ඩව සිදු කිරීම රට දියුණු කිරීමට ඇති එකම විකල්පය බවයි.

රාජපක්ෂ සමයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා අභියෝග කරනවා.

ඔහු කියා සිටියේ ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බවයි.