Thursday, November 28, 2024

General line - 0115112241

ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 23,786ක් පීඩාවට

මාධව කුලසූරිය




පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පවුල් 23,786කට අයත් පුද්ගලයින් 78,530 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

උතුරු පළාතෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන්. 

අයහපත් කාලගුණය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 18,774කට අයත් පුද්ගලයින් 61,674 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. 

මේ වන විට තාවකාලික සහන කඳවුරු 73ක පවුල් 2,845කට අයත් පුද්ගලයින් 9,156 දෙනෙකු රැදී සිටින බවයි දිස්ත්‍රි‍ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසන්නේ. 

යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2,706කට අයත් පුද්ගලයින් 9,642 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. 

මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 1,495 කට අයත් පුද්ගලයින් 4,644 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත්බිම්වල සිටි පවුල් 811කට අයත් පුද්ගලයින් පුද්ගලයින් 2,750 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.