පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවයි.
විභාගය නොපැවැත්වෙන දිනය ආවරණය කෙරෙන ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මේ වන විට පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ ප්රදේශවල සිටින සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.