Thursday, November 28, 2024

General line - 0115112241

වැස්සෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම් - ලක්ෂ 03කට පීඩා




අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 199කට අයත් පවුල් 99,876ක් බලපෑමට ලක්ව ඇති බවයි. 

පීඩාවට ලක්ව ඇති සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 35,000 ඉක්මවාගොස් තිබෙනවා. 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 12ක් වාර්තා වන අතර තුවාල ලැබීම් 17ක් ද වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

පුද්ගලයින් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව තිබෙනවා. 

පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 95ක්. 

නිවාස 1,708කට අර්ධ හානි සිදුව තිබෙනවා. 

පවුල් 18,025කට අයත් පුද්ගලයින් 61,290ක් තවමත් සිටින්නේ සිය ඥාති නිවෙස්වලයි. 

අවතැන්ව ඇති පුද්ගලයින් 27,717 දෙනෙකු  වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්‍ෂක මධ්‍යස්ථාන සංඛ්‍යාව 279ක්. 

මේ අතර වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවේ ගංවතුරට ලක්වූ ප්‍රදේශවල තර්ජනය තවමත් පහව ගොස් නොමැති බවයි. මහවැලි ගඟ, දැදුරු ඔය, විලඔය, හැඩ ඔය සහ මාදුරුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.