Thursday, November 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ විදෙස් මුදල් ශ්‍රේණිගත කිරීම ඉහළට




ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම "Ca" මට්ටම දක්වා ඉහළ නැංවිය හැකි බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් (Moody's) ආයතනය පවසනවා. 

ඒ, ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම අරමුණු කරගත් රජයේ බැඳුම්කර හුවමාරු සැලකිල්ලට ගනිමින්.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව අපේක්ෂා කරන බවයි. 

එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බවයි අවධාරණය කර ඇත්තේ.