Thursday, September 19, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වයට එරෙහිව මාපියන් විරෝධතාවල - විභාගය යළි තියන්නැයි ඉල්ලයි




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් අද විරෝධතාවයක නිරත වුණා.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසයි.

දෙමාපියන්ගේ විරෝධය හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයට පොලීසිය සහ කැරළි මර්දන ඒකකය කැඳවීමටද පියවර ගැණුනා.

පසුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන් පිරිසකට විභාග දෙපාර්තමේන්තුවට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණා.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මතුව ඇති මෙම ගැටලුව මුල් කර ගනිමින් අද තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.