Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට දැන් ණය ගෙවන්න පුළුවන් - රනිල්ගෙන් ප්‍රකාශයක්




2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

ඒ, අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන්.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී පැවැත්වුණා.

එම ජන රැළිය සඳහාද විශාල පිරිසක් එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ජන රැළිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට දැන් ණය ගෙවිය හැකි බවට ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති බවයි.