Thursday, September 19, 2024

General line - 0115112241

නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නැත්නම් කළයුතු දේ




ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නිවෙස්වලට නොලැබුණු ඡන්ද දායකයින්ට හෙට දිනයේද තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ කාර්යාල වේලාව තුළ මෙම ඡන්ද පත්‍රිකා ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් මේ වන විටත් බෙදා හැර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම ඉකුත් 14වනදායින් අවසන් වුණා.