Thursday, September 19, 2024

General line - 0115112241

නිහඬ කාලයේ කරන්න බැරි දේවල් මොනවාද




එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාලය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීම හේතුවෙන්.

ජන රැළි, ගෙයින් ගෙට යාම මෙන්ම ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේද කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

මේ වන විට ක්‍රියාත්මක නිහඬ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය වන්නේදැයි නිරීක්‍ෂණය කරන බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසනවා.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේ නිහඬ කාලයක් ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට නිදහසේ තම මතය ඉදිරිපත් කිරීමට බවයි. 

නිහඬ කාලයක් මැතිවරණයකට ලබා දෙන්නේ ඇයි?

නිහඬ කාලය තුළ සිදු කළ හැකි හෝ නොහැකි දේ මොනවාද?

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පක්ෂ කාර්යාල පවත්වාගෙන යාමද අද සිට සීමා වන බවයි.

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම පක්ෂ කාර්යාලද අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඉවත් කළ යුතු වනවා.