Thursday, September 19, 2024

General line - 0115112241

හෙට දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු




හෙට දින දිවයිනේ සියලු‍ම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඒ අනුව සැප්තැම්බර් 23 වන සඳුදා දින නැවත පාසල් ආරම්භ කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.