Friday, September 20, 2024

General line - 0115112241

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග 04 දෙනෙකු අත්අඩංගුවට




බිබිල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත නාඋල පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී සේවා නූල් සවි කරන ලද ඩෙටනේටර් 05ක්, වෝටර් ජෙල් කූරු 03ක් සහ වයර් රෝලක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුගස්තොට, ගම්පොළ, ඇළහැර සහ උඩතලවින්න යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නාඋල පොලීසිය මගින් ක්‍රියාත්මකයි.