Friday, September 20, 2024

General line - 0115112241

මිදිගමදී තවත් වෙඩිතැබීමක්




මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළඳසැළකදී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙළඳසැළේ හිමිකරුට මෙලෙස වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි ගොවියාපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීමක් මත සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මිදිගම පොලීසිය මගින් ක්‍රියාත්මකයි.  

මේ අතර කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියා.

මීට අමතරව තංගල්ල ප්‍රදේශයේදීද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.