Friday, September 20, 2024

General line - 0115112241

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි ගැන දැනුම් දීමක්




2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

මැතිවරණ කොම්සමේ සභාපති  ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා එහිදී පැවසුවේ රාජ්‍ය අංශයේ සේවකයින්ට අවම පැය 04ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බවයි.

තමන්ගේ සේවා ස්ථානය බොහෝදුර බැහැර ස්ථානගත වී ඇත් නම් එවැනි ඡන්දදායකයින්ට නිවාඩු ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මෙහිදී අදහස් පළ කළා.

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද පැවැත්වූ මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.