Friday, September 20, 2024

General line - 0115112241

අද රාත්‍රියේ සිට මැතිවරණ කාර්යාලත් තහනම්




අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලු මැතිවරණ කාර්යාල ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12න් පසු කාර්යාල 13,314ක් ඉවත් වන බවයි.

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාලය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීම හේතුවෙන්.

ජන රැළි, ගෙයින් ගෙට යාම මෙන්ම ජන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේද කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම තහනම් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

නිහඬ කාලය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව සොයා බලන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.