Friday, September 20, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු 08 දෙනෙකු නාවික හමුදා භාරයට




වාණිජ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

 ඒ, ත්‍රිකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් භාවිත කළ ඩිංගි යාත්‍රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17ත් 45ත් අතර වයසේ පසුවන සෙන්තූර්, මොතොත්තුවාරම්, මදුරන්කුලිය සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිය භාරයට ගැණුනු සැකකරුවන් සහ ඔවුන්ට අයත් භාණ්ඩ කෝකිලායි පොලීසිය වෙත භාර දීමට නියමිත බවද නාවික හමුදාව සඳහන් කළා.