Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් සහ ගෝඨාභය දිවයිනෙන් යයි




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අලුයම 03යි 05ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

එම ගුවන් යානය වෙත පිවිසීම සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇමෙරිකානු ඩොලර් 206ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි “රන් මාවත” පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන ඇති බවද වාර්තා වුණා.  

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.