Friday, September 20, 2024

General line - 0115112241

බන්ධනාගාරවල ආරක්‍ෂාව තර කෙරේ




ජනාධිපතිවරණය සහ පශ්චාත් මැතිවරණ සමය ඉලක්ක කර ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අනුව සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු ලබන 25වනදා දක්වා අවලංගු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ නිලධාරීන්ට අවස්ථාව සලසා දෙන ලෙසද බන්ධනාගාර මූලස්ථානය සියලු බන්ධනාගාර ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.