Friday, September 20, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු තාවකාලිකව නතර කරයි




මෙවර පැවැත්වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇගයීමේ කටයුතු තාවකාලිකව නතර කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලින් අනතුරුව ඉදිරි පියවර පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් මූලික විමර්ශනයක් පවත්වනු ලැබුවා.

එහි වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දොපාර්තමේන්තුව වෙත යොමු කළ බවත් එම දෙපාර්තමේන්තුවද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.