Friday, September 20, 2024

General line - 0115112241

රජයේ නිලධාරීන් 09 දෙනෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවතට




රජයේ නිලධාරීන් 09 දෙනෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම් පී සුමනසේකර මහතා පවසනවා.

ජනාධිපති ධූර අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් එම රජයේ නිලධාරීන් 09 දෙනා එලෙස ඉවත් කර තිබෙනවා.

ඔවුන් අතර විදුහල්පතිවරු සහ ගුරුවරුන් කිහිපදෙනෙකුද වන බවයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

එම පිරිස වෙනුවට වෙනත් නිලධාරීන් පත් කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.