Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරන ජනාධිපතිවරණය අද - අපේක්‍ෂකයන් 38 දෙනෙකු තරග බිමේ




මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා  පත් කර ගැනෙන ඡන්ද විමසීම තවත් අඩ පැයකින් පමණ ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් බවයි. ඡන්ද විමසීම ආරම්භ වන්නේ පෙරවරු 07ටයි.

පස්වරු 04 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 38ක්.

ඉන් අපේක්ෂකයින් 22 දෙනෙකු ඉදිරිපත්ව ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂවලින්. තවත් 16 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස්දහස් 354ක්. ඔවුන් සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,421ක් වනවා. 

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති වලංගු හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල තහනම් ක්‍රියා සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් දැක්වුවා. 

ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ මෙලෙසයි.

සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට බලපෑ හැකි කරුණු සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා කරුණු දැක්වුවා.