Saturday, September 21, 2024

General line - 0115112241

ආරක්‍ෂාවට පොලීසියෙන් 63,000 ක්




ජනාධිපතිවරණයේ ආරක්‍ෂක කටයුතු සඳහා සඳහා පොලිස් නිලධාරීන් 63,000කට ආසන්න පිරිසක් සේවයට යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ දිවයිනම ආවරණ වන පරිදි සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. 

ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයින්ගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ඉල්ලීමක්ද කළා.